Monday, September 26, 2016

තිරසාර ව්යවසායකත්වය






නූතන ව්‍යවසායකයා

නූතන ලෝකය තුළ කතා බහට ලක්වන මාතෘකා අතර ආර්ථික සංවර්ධනය ව්‍යවසායකයා
ධනීය  සංවර්ධනය  වැනි  මාතෘකා  බොහෝ  විට  අසන්නට  ලැඛෙන  මාතෘකා  වුවත්  ලෝක
සංවර්ධනය  තුළ  ඉහත  වචන  වලින්  සිදුවන  කාර්යය  ක්‍රියාවෙන්  ඔප්පු  කිරීමේ  දී
ව්‍යවසායකත්වය  සහ  ධනිය  සංවර්ධනය  ඉතා  වැදගත්  ප්‍රවේෂයක්  ලෙස පෙන්වා  දීමට
පුළුවන.  රටක්  සංවර්ධනය  වීමේදී  ආර්ථික  සමාජයීය  සංස්කෘතික  දේශපාලන  යන
සියල්ලන්ගේම සංවර්ධනය විය යුතු බව නුතනය වන විට අවබෝධ වී තිබුනත් මුදල් මත
තීරණය වන ආර්ථිකයක් තුළ ව්‍යාවසායකයන්ට ධනීය සංවර්ධනයක් කරා රටක් ලෝකයක්
ගමන්  කරවීමට  මං  සොයන  විට  තිඛෙන්නා වූ  භෞතික  සම්පත්  මතු  පරම්පරාව  සදහා
ප්‍රයෝජනවත්  වන  ආකාරයට  කටයුතු  කිරීම  ඉතා  වැදගත්  වේ.  ජනගහණය  සීඝ්‍රයෙන්
වර්ධනය වන ලෝකයක් තුළ මානව අවශ්‍යතා අධික වන විට වනාන්තර එළි පෙහෙලි වන
විට ලෝක සමතුලිතය වෙනස් වෙමින් මිළ මුදල් ඉලක්ක කර ගනිමින් පමණක් සංවර්ධනය
වීමේ ඇති ඵලය කුමක්දැයි සිතා බැලිය යුතුය.
ලෝකයම මුදල් මත තීරණය වන යුගයක ධනීය සංවර්ධනය ලෝකය තුල වැඩියෙන් කථා
කල  යුතු  මාතෘකාවක්  බවට  පත්කරගත  යුතුය.  එමෙන්ම  නව  සංවර්ධන  මාර්ග  තනන
ව්‍යවසායකයන්ගේ අවධානය යොමුකල යුතු තවත් එක් පැතිකඩක් ලෙස ධනීය සංවර්ධනය
මුල්කරගෙන  නව  ආර්ථික  මානයන්  හඳුන්වාදීම  තමන්  සතු  වගකීමක්  බව  ව්‍යවසායකයන්
සැමවිටම  සිහිතබා  ගත  යුතුය.  ගහ  කොළ  සතා  සිව්පාවා  ආරක‍ෂා  කරගෙන  තිරසාර
සංවර්ධනයක් කරා ලඟාවිය හැකිනම් එය මුළු මහත් ලෝකයාට මෙන්ම මතු පරම්පරාවටද
සිදුකරනු ලබන මහඟ= යුතුකමකි.
ලෝකය ගත් විට පරිසරය විනාශ කරමින් ලගාකරගෙන තිඛෙන ආර්ථික සංවර්ධනය දෙස
බැලූ  විට  ඉතා  ඉහල  අගයකින්  යුතුව  සිටින  අතර  නමුත්  ඒ  හා  සමානම  ලෙඩ  රෝග
වසංගත  මහා  පාරිසරික  හානි  අප  ඇස්  පනාපිටම  දක්නට  ලැඛෙන්නේ  තිඛෙන  සම්පත්
සීමිත  ප්‍රමාණය  කළමණාකරණයෙන්  යුතුව  භූක්ති  විදීමට  තිඛෙන  නොහැකියාවයි.  තරුණ
ව්‍යවසායකයකු  මිනිසුන්  වැඩියෙන්  පරිභෝජනය  කරනු  ලබන  දෑ  වෙනුවට  පරිසරයට
හිතකාමී නව සොයාගැනීම් සිදුකිරීම ඒවායින් ආර්ථික වාසි ලබාගැනීම ව්‍යවසායකයකු  සතු
භාර ධූර වගකීමක් ලෙස පෙන්වා දීමට පුළුවන. නිවාස ගොඩනැගිලි ඉදිකිරීමේදී කළුගල්
දැව  භාවිතය  අවම  කිරිම  සදහා  යොදන  නීති  අන පනත්  වෙනුවට  එයට  ආදේශකයක්
හදුන්වාදීමේ  හැකියාව  පැවරෙන්නේ  කාටද  යන්න  ඔබ  මදක්  සිතා  බැලිය   යුතුය. ස්ථිර
නිවාස  වෙනුවට  කළුගල්  බිත්ති  වෙනුවට  පරිසරයට  ඔරොත්තු  දෙන  මිනිසාට  හානිදායක
නොවන  අමුද්‍රව්‍ය  භාවිතා  කර  වාසස්ථාන  ඉදිකර  ගැනීමට  සුදුසු  මෙවලම්  හැකි  ඉක්මනින්
සොයාගැනීමෙන්  පරිසර  විනාශය  වලක්වා  ලීම  නැවතීම  වගේම  ඕසෝන්  ස්ථරයේ  සි දුරු
ගණන්  කිරීමද  නවතාලිය  හැකිය.  දකූණු  ආසියාවේ  පුංචි  රටක්  වන  භූතානයේ  මුළු  භූමි
ප්‍රමාණයෙන්  80%  ක්  වන  ඝනත්වයකින්  යුතු  රටකි.  නමුත්  ආර්ථික  අතින්  දුප්පත්  රටකි.
ලෝක  බලවතුන්  යැයි  සැලකෙන  රටවල්  පරිසරය  විනාශ  කරමින්  ආර්ථිකයේ
හිනිපෙත්තටම නැග ධනීය සංවර්ධනය ගැන කතා කිරීම විහිළුවකි. ලෝක බලවත් රටවල්
පරිසරය  කෙතරම්  විනාශ  කර  ලබන  ආර්ථිකයට  වඩා  භූතාන  පාලකයා  මනසින්  ලබන
සතුට  ඉතාම  ඉහල  බව ලෝකයා  දැනගත  යුතුය. පාලකයා  ආදර්ශයට  ගතහොත්  එනම්
ඔහුට  තනියම  සිදුකල  නොහැකි  ඉහත  කාරණය  සියළුදෙනා  එක්ව  සිදුකළ  හොත්  මතු
පරපුරටද  මෙම  පොලෝ  තලය  තුළ  ඔක්සිජන් සල්ලි  වලට  නොගෙන  ජීවත්  විය  හැකිය.
එවාගේම  ව්‍යවසායකයන්  විසින්  වැඩි  වශයෙන්  නව  ආර්ථික  උපායමාර්ගනයන්  සොයා
ගැනීමේදී  පරිසර  සමතුිලිතතාවය  ආරක්ෂා  කිරීම  ඉතා  වැදගත්  වේ.  මක්නිසාද  යත්
මිනිසුන්  නැති  ලෝකයක්  බිහිවීම  වලක්වාලිය  හැක්කේ  නුතන  ආර්ථිකය  පාලනය  කරනු
ලබන ලෝක බලවතුන්ට තම ආර්ථික මංපෙත් පෙන්වා දෙනු ලබන ව්‍යවසායකයන් පරිසර
හිතකාමී ආර්ථිකය ඉහල නැංවිය යුතුයැයි සිතුවහොත් පමණි. එනම් ඔහුට තනිවම සිදුකළ
නොහැකි  ඉහත  කාරණය  සියළු  දෙනා  එක්ව  සිදුකළහොත්  මතු  පරපුරටද  මෙම
පොළෝතලය  තුළ  ඔක්සිජන්  සල්ලිවලට  නොගෙන  ජීවත්  විය  හැකිය.  එ  වගේම
ව්‍යවසායකයන්  විසින්  වැඩි  වැඩියෙන්  තම  ආර්ථික  උපාය  මාර්ගයන්  සොයා  ගැනීමේ  දී
පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීමත් ඉතා වැදගත් වේ. මක් නිසාද යත් මිනිසුන් නැති
ලෝකයක් බිහිවීම වැළැක්විය හැක්කේ නූතන ආර්ථිකය පාලනය කරන ලෝක බලවතුන්ට
තම  ආර්ථික  මංපෙත්  පෙන්වා  දෙනු  ලබන  ව්‍යවසායකයන්  පරිසර  හිතකාමීන්ට  ආර්ථිකය
ඉහල නැංවිය යුතුයැයි සිතුව හොත් පමණී.
මිනිසා විසින් සොයාගන්නා ලද නව තාක‍ෂණික මෙවලම් නිසා මිනිසාට සිදුවූ එවන් ලෝක
යුද්ධ ආශ්‍රයෙන් එනම් හිරෝෂිමා නාගසාකි වලට එල්ල වූ පරමාණු බෝම්බ වලින් ඇතිවූ
ප්‍රතිවිපාක  එම  යුද්ධයට  කිසිසේත  අදාල  නැති  අද  ඉපදෙන  එම  ප්‍රදේශයේ  දරුවන්ටද
වන්දි  ගෙවන්නට  සිදුව  ඇත්තේ  ආර්ථිකයත්  ව්‍යවසායකයත්  ධනීය  සංවර්ධනය  න ැමති
සමීකරණය හරියට විසදා ගැනීමට නොහැකි වූ නිසාය. ලෝකයේ පහල වූ කිසිම ආගමික
නායකයකු පරිසරය විනාශ කරපල්ලා මිනිසුන් මරපල්ලා මුදල් හම්බකරපල්ලා යැයි ප්‍රකාශ
කර  නැත.  බුදුන්  වහන්සේ  පවා  මල  නොතලා  රොන්  ගන්නා  ලෙස  මිළ  මුදල් එකතු කළ
යුතු ආකාරය පිළිබදව  බුද්ධ  දේශනා වල  සදහන්  වේ.  පරිසරයට  කොතරම් බුදුරජාණන්
වහන්සේ ආදරය  කලේද  යන්නට  සාක්ෂි  ලෙස  මහා  උදාහරණ  අවශ්‍ය  නැත.  ඉපදීමත්
ගසක් යට බුදුවීමත් ගසක් යට පරිනිර්වානයත් ගසක් යට එයට මහගු ආදර්ශයකි. අතීත
පාලකයන් වනාන්තර නිර්මාණය කිරීම ඉතා වැදගත් කටයුත්තක් ලෙස සිදුකර තිබේ.  නමුත්
නුතනය වන විට ලංකාවේ වේවා වෙන්ත රටක වේවා ලෝක පරිසර දිනය සමරා සිටුවන
ගස්  ප්‍රමාණය  හැදී  වැඩි  තිබුනානම්  මුළු  ලෝකයෙන්ම  90%  ක්  පමණ  මහා  වනාන්තරයන්
බව  නොවනුමානය.  මා  දකින  ලෙසම  පරිසරය  ආරක‍ෂා  කරමින්  නව  ආර්ථික මෙවලමක්
ලෙස සිල්බර  කොටන්  වෙනුවට  කොන්ක්‍රීටි  හඳුන්  ආචාර්ය  කුලසිංහයන්  අපට  සිටි  දුර
පෙනෙන  හොඳ  ව්‍යවසායකයෙකි.  නූතන  ව්‍යවසායකයන්ගේ  වගකීම  වන්නෙ සමාජ
වටිනාකමකින් යුතු දෑ ඉතා හොදින් සමාජ ගතකිරීමයි. ලෝකයට හඳුන්වා දුන් වල් නාශක
හේතුවෙන් වල් පැල මර්ධනය කළද එය හඳුන්වා දුන් ව්‍යවසායකයා ඇලේ දොලේ පිරිසිදු
වතුර  ටික  තිත්ත  පැටව්  ටිකට  යන  එන  මං  නැති  කරන  ලදී. එනම්  ජලජ  පරිසර
පද්ධතියට  වල්  නාශක  ආනිසංශයෙන්  විනාශයට  පත්විය.  නමුත්  එයට  පිලියමක්  ලෙස
බෝතල් කළ පානීය ජලය ටවුමේ කඩෙන් මිළ දී ගත හැකිය. එ වගේම සල්ලි දී ටිකට්
පතක් ලබාගෙන මින් මැදුරට ගොස් දන්ඩින් බුලත් හපයන් අපේ වක්කෙඩි සිටි මාළු ටික
දැක  බලාගැනීමට අවස්ථාව සලසා  දී  තිඛෙන්නේ  ධනිය  සංවර්ධනය  තෙබිකට  මායිම්
නොකරන  ව්‍යවසායකයන්  යැයි  කියා  ගන්නා  ටයි  පැලදි  මහත්වරුන්මය. නමුත්  සිදුවිය
යුත්තේ ඉහත කාරණයද යන්න ඔබ සිතා බලන්න. එමගින්  සිදුවන ප්‍රතිවිපාක ලැඛෙන්නේ
එක්  අයකුට නොව  මුළු  මහත්  සමාජයටමය. එහෙත්  මෙය  වැලැක්වීමේ  හැකියාවද
පවතින්නේ  අළුත්  දේ  දකින  අළුත්  දේ  සොයන  රට  ඉදිරියට  ගෙන  යන  රටට  වටිනා
ව්‍යවසායකයන්ට පමණි.

ව්‍යවසායකත්වපති
පස්චාත් උපාධි අපේක‍ෂක
තුෂාර පෙරේරා
සවින්ද පෙරේරා

28 comments:

  1. Excellent Article ....
    Very Good Points for new entrepreneurs

    ReplyDelete
  2. හොද ලිපියක්.....

    දැනගත යුතු කරුණු ගොඩක් තියෙනවා.

    සුබ අනාගතයක්...

    ReplyDelete
  3. Thanks, great post. I really like your point of view

    ReplyDelete
  4. හොද ලිපියක්.....

    ReplyDelete
  5. I strongly agree with facts that you have pointed out in the article. Strategies in the modern technology has introduced easy ways to reach their high profit goals without considering environmental disaster. Ultimately we only remain driest land with people of unhealthy and less skilled. Therefore it is vital to concentrate on greenish since destroying of natural resourced will be badly effected to our future generation too. Well done !!! for your great effort.

    ReplyDelete
  6. This article is very useful for any one who like to be a entrepreneurs or out of box thinkers who are want to develop the business

    ReplyDelete
  7. Great article....!!! Carry on your writing part in this subject.

    ReplyDelete
  8. Great work and this gives message to global & local businesses. Your research allows a deep understanding of the environment for entrepreneurship and provides valuable insights.

    ReplyDelete
  9. Great Article....!!!!well done!!!!

    ReplyDelete
  10. ඉතාමත් වැදගත් කරුණු රාශියකින් යුත් ලිපියකි

    ReplyDelete
  11. මෙම ලිපියහි දක්වා ඇති බොහෝ කරුණු පරිසරය පිලිබදව පමණක් දක්වා ඇති බව පැහැදිලි විය.හොද ව්‍යවසායකයා ආයතනයේ සේවක සුබ සාදනය ආදී කරුණු පිළිබදවද සැලකිල්ලක් දැක්විය යුතය.සමස්තයක් ලෙස ඉතාමත් වදගත් ලිපියක් බව කිව යුතු සේම අනිකුත් ව්‍යවසායක කරුනුද ඇතුලත් කල යුතු බව මාගෙ අදහස වය

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. Very Good Article... Have a lot to take from it... Nature can live without us but we cannot live without nature... Thanks for the post.

    ReplyDelete
  14. very good article...we depend on nature ....best of luck

    ReplyDelete
  15. Very good article.........

    ReplyDelete
  16. ඉතාමත් වදගත් ලිපියක්.....

    ReplyDelete
  17. Great Article and go ahead dear...

    ReplyDelete
  18. Top work! Everyone should read this!

    ReplyDelete
  19. Highlighted good points.Great work

    ReplyDelete
  20. Highlighted good points.Great work

    ReplyDelete